” සහෝදරත්වයේ දුම්රියෙන් “

එක්ව අපි පියාඹමු ! තේමාව කොට ගෙන සහෝදරත්වයේ දිනය 2025 දිනය වෙනුවෙන් ජූලි 23 වන දින සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් එක්ව ” සහෝදරත්වයේ දුම්රියෙන් ” යාපනය වෙත පැමිණිය හ.

ඒ එන අතරමඟ දී ඔවුන් විසින් දුම්රිය මධ්‍යස්ථාන කීපයකටම පැල ලබා දීමත් පොත් ලබා දීමත් සිදු කලේ ඉතිහාසයේ අඳුරු මතකයන් වෙනුවට ජාතික සමඟිය වෙනුවන් නව පරම්පරාවක් ලෙස අලුත් මතකයන් අනාගතය වෙනුවෙන් එක් කරලීමේ අරමුණ පෙරදැරිවය.

ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේදී , සහෝදරත්වයේ පා ගමනක් සහ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත් වූ අතර විවිධ ජාතිකත්වයන් නියෝජනය කරමින් විශාල තරුණ පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී වුණි. යාපනය දිස්ත්‍රික්කයේ සංවිධානය කල මූලික වැඩසටහනට අනූව ජූලි 23 දින ” එලුවතිව් ” දූපත් හි සංවිධානය කල වැඩසටහන් කීපයකට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාතික කමිටු සාමාජිකයින් වන මහේෂ් අඹේපිටිය සහ අංජන අමරසිංහ ඇතුලු පිරිසක් සහභාගී විය.

මෙහි දී දූපත් ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබදවත් මත්ස්‍ය කර්මාන්තය පිළිබදව මෙන්ම ජන ජිවිතයේ මුහුණ දීමට සිඳුවන ගැටළු පිළිබදවද සාකච්ඡා කෙරුණි. තවද එම දූපතෙහි පොල් පැළ සිටුවීමේ වැඩසටහනකට ද සමාජවාදී තරුණ සංගමයේ පිරිස් සහභාගී වූ අතර දූපතෙ හි ජීවත් වන ධීවර ප්‍රජාව ට පොල් පැල ලබා දීමට ද පැමිණ සිටි සමාජවාදී තරුණ සංගමයේ පිරිස් කටයුතු කලහ.