රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මඟින් පසුගිය ඊයේ (ජනවාරි 05) දින සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් සහ සංකේතාත්මක සත්‍යග්‍රහයක් පසුගිය දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සංවිධානය කර තිබුණි. ඒ වයස් සීමාව ඉක්මවීම හේතුවෙන් රැකියා හිමි නොවූ උපාධිධාරීන් හට වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලමිනි. විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර එහිදී අමාත්‍යාංශ නිලධාරියෙකු හා සාකච්ඡාවක් ද ලැබුනු අතර සාකච්චාවෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ පෙබරවාරි හතරවැනි දින වන විට මේ ගැටළුවට ප්‍රතිපත්තිමය විසදුමක් ලබා දෙන බවට පොරොන්දු වූ බවයි.