වැඩබිමේ තරුණ තරුණියන් jvp youth සමඟ

මේ දිනවල ජීවිතය ලස්සන කරන සුන්දර රටක් සෑදීම වෙනුවෙන් jvp youth හා එක් වීමට රටේ තරුණ තරුණියන් වෙත ආරාධනය කිරීමේ වැඩසටහනක් සමාජවාදී තරුණ සංගමය විසින් කටයුතු කරමින් සිටී. එම වැඩසටහන රටේ පෞද්ගලික අංශයේ සේවය කරන තරුණ තරුණියන් ද දායක කර ගැනීම වෙනුවෙන් දියත් කෙරිනි. එහි දී පසුගිය ජනවාරි 21 වැනි දින කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන තරුණ පිරිස් හා ජනවාරි 20 දින rocell bathware ආයතනයේ සේවය කරන තරුණ පිරිස් හා එක්ව සිදු කෙරුනි. මේ වැඩසටහන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ සහෝදරයින් පිරිසක් සහභාගි වූහ. මෙම අවස්ථාවට විශාල තරුණ තරුණියන් පිරිසක් සහභාගි වූහ..