පරිසරය සුරකින්න SYU Youth Club පෙරට

මොනරාගල, වැල්ලවායේ SYU Youth Club මඟින් සංවිධානය කරන ලද පරිසර වැඩසටහනක් පසුගිය පෙබරවාරි 04 දින පැවැත්විණි. ඒ ඇල්ලවල දිය ඇල්ලත් ඒ අවට ප්‍රදේශයත් පිරිසිදු කරමිනි. එම වැඩසටහන සඳහා විශාල තරුණ පිරිසක් සහභාගී වූ අතර එය සමාජවාදී තරුණ සංගමය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ජීවිතය ලස්සන කරන – සුන්දර රටක්” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරුණි.