මේක නෙවෙයි ජීවීතේ, ජීවිතය දිනන අරගලයට set වෙන්න යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරමින් යන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ පළමු උද්ඝෝෂණය නොවැම්බර් 26 දින මහනුවරදී, පැවැත්වූ අතර එහිදී පොළිස් බාධා කිරිම් සිදු වූ අතර බාධක හමුවේ වුවද උද්ඝෝෂණය, පා ගමන සහ රැලිය සාර්ථකව නිමා කෙරුණු අතර මෙම අවස්ථාවන්ට පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, සහ නිපුුුනා සාරංගි සහෝදරිය ඇතුළු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඊට ඒක් වූ අතර මේ අවස්ථාවේදී පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, සහ නිපුුුනා සාරංගි සහෝදරිය ජනතා රැලියේදී අදහස් දැක් වූහ.