WFDY සම්මේලනයේ මහා මණ්ඩල සැසිය ලෙබනනයේදී ,

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මහා මණ්ඩල සැසිය අද දින (දෙසැම්බර් 18) ලෙබනනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මර්දනයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගිතාවය වෙනුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන මර්දනයට එරෙහිව යෝජනාවක් ද සම්මත වූ අතර මේ මොහොතේ ජනතා මර්දනය සිදුකිරීමට යොදාගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් බලකරමින් විරෝධතා බැනරයක් අත්සන් කරන ලදී. ඒ සඳහා WFDY සංවිධානය නියෝජනය කරන සියලුම සංවිධාන සහයෝගිතාව පලකරන ලදී. මෙම සැසි වාරය සදහා සමාජවාදී තරුණ සංගමයේ ජතික සංවිධායක එරංග ගුණසේකර සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහොදරයන් සහභාගි විය.