අධිරාජ්‍යවාදී අත පෙපෙම මත ඊශ්‍රාල පලස්තින යුධ ගැටුම හේතුවෙන් ගාසා තීරයේ දින 100ක් තුළදී ළමයින් 10000 ක් ඇතුළුව පුද්ගලයන් 23000ක් ඝාතනය කර ඇති හෙයින් ඊට විරෝධය පාමින් සමාජවාදී තරුණ සංගමය හා World Peace Council, Sri Lanka ශාඛාව විසින් ජනවාරි 17 ඒනම් අද දින සවස 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත් විය.
ගාසා තීරයේ සිදුකරමින් යන මිලේච්ඡ ජන සංහාරය නවතා නිදහස් පලස්තීනයට ජීවත් වීමට ඉඩ දිමට බල කර සිටිමින් මෙම විරෝධතාවය සංවිධානය කළහ. මේ වන විට ජනතාවගෙන් 80%ක් අවතැන් වී සිටින අතර ඇමරිකාව ඇතුළු අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල් ඊශ්‍රාලය සමග ඒකතුව කරගෙන යන මෙම මිලේච්ඡ යුද්ධය නවතා දැමීමට සුදානම් නොවන අතර ඒ සදහා බල කර සිටීම මෙහිදී සිදුකරන ලදී.
මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා, මවුලවී මුනීර් මුලෆ්ෆර් සහෝදරයා, ජාතික වෘත්තෘය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා, සමස්ථ ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරිය ආරච්චි සහෝදරයා, Peace and Solidarity Organization of Sri Lanka (PASOS) හි විධායක කමිටු සාමාජික සුනිල් කුමාර ගමගේ සහෝදරයා, මෙම මනුෂ්‍ය ඝාතන වලට විරෝධය පළකරමින් අදහස් දැක්වූහ. සමාජවාදී තරුණ සංගමයේ තරුණ, තරුණියන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.