තරුණ රැලි මාලාව සාර්ථකව ඉදිරියට

NPP YOUTH රැලි මාලාවේ හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් රැලි පසුගිය 09වැනිදා සහ 30වැනිදා තංගල්ල හා කැකිරාව නගරවලදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. ලාංකේය ඉතිහාසය තුළ දී දේශපාලන පක‍ෂයක් විසින් ඉතා දැවැන්ත තරුණ රැලි පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙහිදී උද්ඝෝෂණ පෙළපාලියකින් තරුණ තරුණියන් රැලිය පැවැති භූමියට පැමිණියහ. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එරංග ගුණසේකර, ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගි වූහ. මෙහි දී Youth vibe ප්‍රසංගයකින්ද මෙම රැලිය වර්ණවත් විය.
මීළඟ තරුණ රැලි ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.