SYU හා පරිසර සංවිධාන එකමුතුව විසින් අද (ජුනි 11 වන) දින මාධ්‍ය හමුවක් මරදානේ කාලිස් නර්සිංහොම්හිදී පවත්වනු ලැබීය.
ලංකාවේ තුන්වන විශාලතම සාගර රක්ෂිත භූමිය වන වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතයෙන් අක්කර 417ක් නිදහස් කර ජලජීවී වගා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. මේ සඳහා 2024 මැයි 6 අති විශේෂ ගැසට් පත්‍රයක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් නිකුත් කර ඇත.
වැඩිම කුරුළු ගහනයක් වාර්තා වන මෙම රක්ෂිතය ලංකාවේ දිගම (කි.මී. 20) කඩොලාන පද්ධතියට හිමිකම් කියන බව පැවසේ. නොගැඹුරු මුහුදු තෘණ භූමියක් ලෙසද විශාල ජෛව විවිධත්වයක්ද මෙම රක්ෂිතය තුළ ඇති බවත් මෙම ආණ්ඩුව මෙම භූමිය වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබාදීමෙන් ඉහත උරුම වටිනා සම්පත් ප්‍රමාණයක් අහිමි වන බවත් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ අතර ඔවුන්ගේ විරෝධය මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණි.
මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා හා මලින්ද ජීවන් සහෝදරයා අදහස් දැක්වූහ.