NPP Youth වැඩබිමට

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරියේ පැවැත්වෙන තරුණ රැලිවලට සමගාමීව මේ වන විට වැඩසටහන් රැසක් සූදානම් කර ඇත. ඊට සමගාමීව අන්තර් සමාගම් සේවක සංගමයත් සමාජවාදී තරුණ සංමයත් එක්ව අද (ජුනි 15) දින කැලණිය සියැට් ආයතනයේ සේවකයින් එක්ව සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන වර්ණවත් කිරීමට රංගන ශිල්පී රොඩ්නි වර්ණකුලසූරිය මහතාද ‘නව නිදහස් සටනක් වෙනුවෙන් තාරුණ්‍යයේ පෙළගැස්ම’ යන මැයෙන් සංවාදාත්මක වැඩසටහනක් සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ සහෝදරයාද එක්ව සිටියහ. මෙම අවස්ථාවට එම ආයතනයේ විශාල තරුණ පිරිසක් සහභාගි වූහ.