චේ ගුවේරා සහෝදරයා මිය ගොස් අදට වසර 53ක් ගත වී ඇත. ඔහු මිය ගිය දිනය වන ඔක්. 8 වන දින චේ දිනය ලෙස නම්කර වසරක් පසා විවිධ වැඩසටහන් සමාජවාදී තරුණ සංගමය වන අප විසින් සංවිධානය කර පවත්වනු ලබයි. මෙවර චේ දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් රට පුරා සංවිධානය කර තිබුණි. නමුත් නැවත වරක් මතු වු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෙන ඇති සියලු රැස්වීම් , සැමරුම් උත්සව නොපවත්වන ලෙස රජයෙන් කල දැනුම්දීම හේතුවෙන් මෙවර සුදානම් කර තිබු චේ දින වැඩසටහන් වෙනස් කරන ලදී. අද දින (8) හොරණ චේ උද්‍යානයේදී චේ සහෝදරයා විසින් රෝපණය කල ගස හා ස්මාරකය අභියස පුෂ්පොපහාර දැක්වීමේ අවස්ථාවක් සිදු කෙරුණු අතර එය නිරෝධායන නීතිවලට යටත්ව පැවැත්විය. ඒහිදි චේ දිනය වෙනුවෙන් නිව්දනයක් ඉදිරිපත් කළේය.මේ අවස්ථාවට කියුබන් තනාපතිනය ජුවානා ඒ්ලේනා මැතිනියත්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාත් , සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් මධූ කල්පනා සහෝදරිය ඇතුළු පිරිසක් සම්බන්ධ විය.