හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම සොයා යෑම….

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අලි මිනිස් ගැටුම හා පරිසර හානිය පිළිබඳව සොයා බැලීමට හා එම ගැටළුවට මුහුණ දී ඇති ජනතාව හමුවීමට සඳහා සමාජවාදී තරුණ සංගමය පිරිසක් පසුගිය නොවැම්බර් 23 දින එම ප්‍රදේශ වෙත ගියහ. වසර දහයකට පෙර යෝජනා කරන ලද හෙක්ටෙයාර 25000ක වන අලි කළමණාකරන බලප්‍රදේශ තුළ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබාදී ඇති අතර එම යෝජිත රක්ෂිත භූමිය දැවැන්ත ලෙස විනාශයට පත්කරමින් සිටී. පසුගිය ආණ්ඩුව විසින් එම යෝජිත රක්ෂිත භූමිය තම හිතවතුන්ට බෙදා දෙමින් කටයුතු කර තිබූ අතර වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන් විසින් ද එම පරිසර හානිය මේ වන විට සිදු කරමින් සිටී. මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාත් සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්රික්කයේ හම්බන්තොට සංවිධායක ප්‍රදේශීය සභා මන්ත්‍රී සුමිත් කුමාර සහෝදරයා සහ සාලිය ජයවර්ධන සහෝදරයාත් සමාජවාදී තරුණ සංගමයේ මහේෂ් අඹේපිටිය සහෝදරයාත් මහවැලි ගොවි බල ප්‍රදේශයේ හිටපු කොට්ඨාස සභාපති චන්ද්‍රසේන ගමගේ සහෝදරයාත් සහභාගී වූහ.