jvp Youth එකට කුරුණෑගල පොලීසියෙන් තර්ජන

‘ජීවිතය ලස්සන කරන සුන්දර රටක් සෑදීම’ තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය මගින් ජනවාරි 02 කුරුණෑගල නගරයේ දී තරුණයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය. එහි දී අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් හා ගීත වැඩසටහනක් පැවැත් විය. එම වැඩසටහන අතරතුරදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිළධාරීන් පැමින ගීත වැඩසටහන නවතා දමන ලෙසත් සංගීත මෙවලම් පොලිස් භාරයට ගත යුතු බව ප්‍රකාශ කරමින් වැඩසටහනට බාදා එල්ල ‌කළේය. අනතුුුුරුව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා පොලිස් ස්ථානය වෙත රැගෙනයාමට උත්සාහ කළ අතර රැස්ව සිටි පිරීසේ දැඩිවිරෝධය හමුවේ එය නතර විය. මෙම වැඩසටහන සඳහා විශාල තරුණ පිරිසක් JVP Youth සමග එක් වී සිටීම කැපී පෙනිනි.