2022 නව වසරට නව බලාපොරොත්තවක් එක්කල syu

“වෙන මොකුත් එපා. ආදරයෙන් අපි ඔක්කොටම එකට ජීවත්වෙන්න පුලුවන් රටක් හදාගමු.” මැයෙන් ආරාධනයක් එක්කරමින් නව දේශපාලනික සංස්කෘතියක් වෙනුවෙන් පෙළගැසෙනා ලෙස සමාජවාදී තරුණ සංගමය මගින් රටේ සියලු තරුණ තරුණියන්ට ආරාධනා කරන වැඩසටහනක් 2022 නව වසරේ ජනවාරි 01 වැනිදා පැවැත්විය. මෙම වැඩසටහන බොරලැස්ගමුව නගරයේදී පැවැති අතර තරුණ තරුණියන්ට මල්මිටක් ලබා දෙමින් එම ආරාධනය සිදුකරන ලදී. මෙම අවස්ථාවට syu ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා ඇතුළු තරුණ තරුණියන් රැසක් එක්විය.