අධිරාජ්‍යවාදී ඊශ්‍රායල් ආක්‍රමණය අවසන් කරනු ! , නිදහස් පලස්තීනය ගොඩනගනු ! යන මැයෙන් නොවැ 29 දිනට යෙදී තිබූ පලස්තීන සහයෝගීතා දිනයට සමගාමීව අද දින එනම් දෙසැම්බර් 1 වන දින සමාජවාදී තරුණ සංගමයේ මොණරාගල, මහනුවර, අනුරාධපුර දිස්ත්‍රික්ක කිහිපයකම වැඩසටහන් සංවිධානය කළ අතර මාතර දිස්ත්‍රික්කයේ පලස්තීන සහයෝගීතා බැනරයට අත්සන් තැබීම හා පත්‍රිකා බෙදීමේ වැඩසටහන වැලිගම ජුම්මා පල්ලිය අසලදී සිදු කෙරුණු අවස්ථාව මෙසේ සටහන් විය.