‘ජන බලයට ඉඩදෙනු!, ඡන්ද අයිතියට ගරු කරනු!’ මැයෙන් නිහඬ විරෝධයතාවයක් අද (නොවැ. 24) දින රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී අලුත් පියාපත් සංවිධානය විසින් පැවැත්විය.
එහිදී මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාරදීම සිදු වූ අතර මැතිවරණ කොමිසමේ ලේකම් හේරත් මහතා සමග සාකච්ඡාවක් ද පැවැත්විය. එහිදි නොවැම්බර් 28 දින කොමිසම රැස්වෙන බවත් එම ලිපිය ඒ සඳහා යොමුකරන බවත් පවසන ලදී. පනත සංශෝධන වැනි කාරණා වලින් බාධාවක් නොපැමිණියහොත් මැතිවරණ නීතිය අනුව ලබන වසරේ මාර්තු 20 පළාත් පාලන මැතිවරණය පවත්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. මෙම සාකච්ඡාව සඳහා අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර, නීතිඥ ශානිකා සිල්වා, විමුක්ති ජයවීර යන අය සහභාගි වූහ. අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර මෙම විරෝධාවයට වෙනත් සංවිධාන ඇතුලු සමාජික සමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.