ඇතුගල්පුර උද්ඝෝෂණයට පොළීසියෙන් බාධා,

මේක නෙවෙයි ජීවීතේ, ජීවිතය දිනන අරගලයට set වෙන්න යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරමින් යන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ දෙවන උද්ඝෝෂණය හා රැළිය දෙසැම්බර් 4 දින ඇතුගල්පුර දී, පැවැත්වූ අතර එහිදී සිදු වූ පොළිස් බාධා කිරිම් මැද වුවද උද්ඝෝෂණය, පා ගමන සහ රැළිය සාර්ථකව නිමා කෙරුණු අතර මෙම අවස්ථාවන්ට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය,සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික හංසි ජයවර්ධන සහෝදරිය ඇතුළු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඊට ඒක් වූ අතර මේ අවස්ථාවේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය, සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික හංසි ජයවර්ධන සහෝදරිය‌ අදහස් දැක් වූහ.