තාරූණ්‍යයට නව සටනක් ! නවීන සමාජයක් !!

තාරූණ්‍යයට නව සටනක් ! නවීන සමාජයක් !! යන තේමාව යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ දෙදින තරුණ කඳවුර සැප්තැම්බර් 18 එනම් අද දින ඉතා සාර්ථකව අවසන් කෙරුණි.

මෙම කඳවුරට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික දුමින්ද අමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා හංසි ජයවර්ධන සහෝදරිය ද සම්බන්ධ විය

වැඩ බිමේ තරුණ තරුණියන් ඒ්කරාශි කර ගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් රට පුරා සංවිධානය කරනු ලබන තරුණ දින ඒකතුවේ අවසන් අධියරට පැමිණෙමින් ඇති අතර මේ සදහා සියළුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.