පලස්තීන තානාපති හා සමාජවාදී තරුණ සංගමය අතර සුහද හමුවක්!

සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් අද දින එනම් ඔක්තෝම්බර් 18 වන දින පලස්තීන් තානාපති ආචාර්ය සුහයිර් එම් එච් සෙයිඩ්  මහතා මුණ ගැසී ය.

මේ වන විට රටක් ලෙස පලස්තිීන ජනතාව මුහුණ පා සිටින යුද්ධමය තත්ත්වය පිළිබඳව, දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යෝජිත ද්වී රාජ්‍ය විසඳුම පිළිබඳව , නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ඉතිහාසයේ සිට තරුණ සංගමයේ මැදිහත්වීම, ඊශ්‍රාලයේ ජනතාවත් පලස්තීන ජනතාවත් නිදහසේ ජීවත්විය යුතු වගත්, කුමන ආකාරයේ යුද්ධයක් නිසාවෙන් සිවිල් වැසියන් සහ දරුවන් ඝාතනය වීම හෙළා දැකිය හැකි වග, සහ හෙට දවසේ ගත යුතු වඩාම යහපත් ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්ව සිටගන්නා වග මෙහිදි සාකච්ඡා විය. 

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අන්ජන සම්පත් අමරසිංහ, ලෝක  ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ හිටපු උප සභාපතිනි නීතිඥ මදු කල්පනා සහෝදරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික නීතිඥ ශානිකා සිල්වා සහෝදරිය සහභාගි විය.