ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය (WFDY) හා චීන කොමියුනිස්ට් තරුණ සංගමය අතර චීනයේ බීජිං නුවර දී ද්විපාර්ශික හමුවක් පසුගිය මාර්තු 6-12 යන දිනයන් හි පැවැත්විය. මෙහිදී ඉදිරියේදී රුසියාවේ පැවැත්වෙන 19 වන ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ හා ශිෂ්‍ය උළෙල ගැන සාකච්ඡා කෙරිණි. ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය නියෝජනය කරමින් සභාපති නිකොලායි පාප දිමිත්රියො, ප්‍රධාන ලේකම් හොසේ ඒංජල් මවුරි, අංජන අමරසිංහ (අසියානු කලාපය වෙනුවෙන්), නෆ්ටාල් (අප්‍රිකානු කලාපය) හා රුසියාව නියෝජනය කරමින් රුසියාවේ ලෙනින්වාදී කොමියුනිස්ට් තරුණ සංගමය හා ජාතික තරුණ කවුසිලයේ නියෝජිතයන් සභාගි විය.
මෙහි දි සමාජවාදී තරුණ සංගමය හා චීන කොමියුනිස්ට් තරුණ සංගමය, රුසියාවේ ලෙනින්වාදී කොමියුනිස්ට් තරුණ සංගමය හා ජාතික තරුණ කවුසිලය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විය.
