විරදගොල්ලෑව රක්ෂිතයත් ඩෝසර් කරයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ #තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ #විරදගොල්ලෑව රක්ෂිතයට අයත් #පහල_අඹතලේ ගම්මානයට යාබදව වර්තමාන ආණ්ඩුවේ දේශපාලන හිතවතෙක් විසින් වනාන්තරය කපා වගාකටයුතු කරමින් ඇත. මේ පිළිබඳව පහල අඹතලේ පැරකුම් ගොවි සංවිධානය බලධාරින්ගේ අවදානයට යොමුකලත් බලධාරීන් මුනිවත රකින්නේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රභල ඇමති වරයෙකුගේ බලපෑම නිසා බව ගම්මුන් චෝදනා කරනවා.මේ පිළිබඳව සොයාබැලීම සඳහා #සමාජවාදී_තරුණ_සංගමයේ ජාතික කමිටු සාමාජික සංජය විශ්වනාත් සහෝදරයා, ජ.වි.පෙ. තිරප්පනේ ප්‍රාදේශීය සභා මංත්‍රී රෝහණ විජේතිලක සහෝදරයා, පහල අඹතලේ පැරකුම් ගොවි සංවිධානයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් සමග එම ස්ථානයට පසුගිය12 දින ගියහ. මෙම රක්ෂිතය මේ වන විට අක්කර 10කට වඩා හෙලිකර අවසන්‍ ය. මෙහි හිමිකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කරේ #S.M.චන්ද්‍රසේන ඇමතිවරයාගේ අවසරයෙන් මෙම වගාව සිදුකරන බවයි. රිටිගල රක්ෂිතයේ සිට නාච්චදූව රක්ෂිතය දක්වා අලි ගමන්ගන්නා මාර්ගය මෙම විනාශය කර ඇති රක්ෂිතය හරහා වැටී ඇත. මේ නිසා වන අලි ගම් වැදීම බහුල වී ඇත. මෙම රක්ෂිත විනාශයට විරුද්ධව පැරකුම් ගොවිසංවිධාන විසින් 2002 සිට නිලධාරීන් දැනුවත් කර ඇති අතර මැනුම් නියෝග පවා නිකුත් කලද දේශපාලන බලය ඒ මේ අත මාරු වෙද්දී නීතියද පසෙකලා රක්ෂිතය කපා වගා කටයුතුද කර අනවසර විදුලි වැටවල්ද ඉදිකර අවසන්ය. මෙම රක්ෂිතය 2015 පසු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන මහජන මුදල් වැයකොට නැවත සංරක්ෂණය කල වන වගාවක්ද සහිතව තිබී ඇති අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණු වහාම මෙම වන වගාවද නොතකමින් මෙම විනාශය සිදුකර ඇති බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවද පවසයි.දේශපාලකයින් හා තම ගෝලබාලයින් බලපුළුවන්කාරකමින් විනාශ කරන්නේ අපේ අනාගතය සතු වටිනා වනාන්තරයි. එම නිසා අනාගතය සතු මේ වනාන්තර රැකගැනීම අප කාගේත් යුතුකමක් වන්නේය..