සමාජවාදී තරුණ සංගමය හා පලස්තීන තානාපති කාර්යාලය අතර හමුවක්

සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ යන සහෝදරවරුන් හා පලස්තීන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් හිසාම් අබු ටහා මහතා සමග හමුවක් අද දින( දෙසැ 09) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි .එහිදී දෙරටේ වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳවද, විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසු පලස්තීන -ඊශ්‍රායල් අර්බුදයට අදාළව ඇතිව තිබෙන සාධනීය වෙනස්කම් ගැනත් කතා බහට ලක් විණි .දශක ගණනාවක් පුරා පලස්තීන ජනතාව ගෙනයන යුක්ති සහගත සටන පිළිබඳ වත් , ඊට ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන ලබාදෙන සහයෝගය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරුණු අතර සමාජවාදී තරුණ සංගමය විසින් පලස්තීනයට එරෙහි ඇමරිකා- ඊශ්‍රායල් මැදිහත්වීම් හෙළා දකිමින් සහයෝගිතා ප්‍රකාශයක් පලස්තීන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් හිසාම් මහතා වෙත ලබාදීම ද එහිදී සිදු විණි .සෑම විටම පලස්තීන ජනතාව හා ඔවුන් ගෙනයන සාධාරණ අරගලය වෙනුවෙන් නැගී සිටින සමාජවාදී තරුණ සංගමය වෙත ඔහුගේ විශේෂ ස්තුතිය ද පිරිනමන ලදී.