ජාතිවාදයට එරෙහිව ජූලි 23 සහෝදරත්වයේ දිනය වෙනුවෙන්, දේශන සහ සංස්කෘතික ප්‍රසංගය ඊයේ (ජූලි 29) විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත් විණි.
ජාතිවාදයට නැවත ඉඩ නොතබමු , එක්ව අපි පියාඹමු යන තේමාව යටතේ මෙම දේශන සහ සංස්කෘතික ප්‍රසංගය සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සාමාජික පිරිසක් සහභාගී විය.
මෙම අවස්ථාවේදී සරත් ඉද්දමල්ගොඩ පියතුමා, රත්මලාන බෝධිරුක්කාධිපති රත්මලානේ වල්පොළ හිමි, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර සහෝදරයා, මානව හිමිකම් ක්‍රියාකාරිණී නීතිඥ අර්මිසා ටිගල්, මෙම දේශනය ආමන්ත්‍රණය කරන ලදී.