SYU විරෝධතා පා ගමනට පොලීසියෙන් කදුලු ගෑස්, බැටන් පොලු හා ජල ප්‍රහාර,

2022 සැප්තැම්බර් 24 වන දින අරගලයට නව ජවයක් මැයෙන් තාරුණ්‍යයයේ සිහින වළ දැමූ පාලකයන් ඉල්ලා අස් විමට බල කරමින් සහ මර්දනයට ඒරෙහිව සමාජවාදී තරුණ සංගමය මඟින් දැවැන්ත විරෝධතා පා ගමනක් කොළඹ ලිප්ටන් වට රව්මෙන් ආරම්භ කෙරිණි. එය කොළඹ ලිප්ටන් වට රවුමේ සිට කොළඔ කොටුව දක්වා විරෝධතා පා ගමනකින් අවසන් කිරීමට නියමිතව තිබූ අතර රනිල්- රාජපක්ෂ ආණ්ඩුව විසින් අමානුෂික පහර දීම්, කදුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර ඒල්ල කරමින් මර්දනය ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවේ දී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර ඇතුළු තරුණ සංගමයේ සාමාජිකයින් 84 දෙනෙක් අත්අඩංගුවට පත් වූ අතර තරුණ තරුණියන් රැසක් රෝහල් ගත කරන ලදී.

ඉන් පසු මෙම පිරිස කොළඔ නව නගර ශාලාවට ඒ්කරාශී වූ අතර ඒහීදී ඒල්ල කරන ලද ප්‍රහාරයට ඒරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, නීතීඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා හංසි ජයවර්ධන, සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සදීශ් ‌සෙල්වරාජ් යන සහෝදර සහෝදරියන් මෙහිදී අදහස් දැක් වූහ.