සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද මෙවර චේ දිනය ඔක්තෝම්බර් මස 8 වන දින යහල කැලේ උද්‍යානයේදී පැවැත් විණි. ආදරණීය චෙි ගෙවාරා සහෝදරයා විසින් රෝපණය කරන ලද මහෝගනී ගසට පුෂ්පෝපහාර දැක්වීම සදහා සැමරුම් උළෙලක් පැවැත් වූ අතර මේ අවස්ථාව සඳහා කියුබානූ තානාපති ඇන්ඩ්‍රියාස් ගොන්සාලේස් සහෝදරයා, ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ සහෝදරයා ඇතුළුව සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් පිරිසක් සහභාගී විය. ඊට සමගාමීව 9 වන දින චේ දින වැඩසටහන සහ සංස්කෘතික ප්‍රසංගය නව නඟර ශාලාවේදී පැවැත්වුන අතර මේ අවස්ථාවට ප්‍රධාන දේශක ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සහෝදරයා ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ සහෝදරයා පැමිණ සිටි පීරිස ආමන්ත්‍රණය කරන ලදී.
