“රනිල්ගේ සද්දය දාන කලාපය බවට පාර්ලිමේන්තුව පත් කරගෙන” ඒරංග ගුණසේකර කියයි,

සමාජවාදී තරුණ සංගමය විසින් අද (නොවැම්බර් 25) මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර මේ අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ කොළඹ දිස්ත්‍රික් කමිටු සාමාජිකා නිම්මි ගර්ලැක් සහෝදරිය සම්බන්ධ විය.

එහිදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අය වැය පිළිබදව අදහස් සහ සමාජවාදී තරුණ සංගමය ලෙස ඉදිරියේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධව දිස්ත්‍රික්කයන් පුරා ගන්නාවූ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පිළිබදව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා මෙම මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කරන ලදී.