නිදහස් පලස්තීනයට එරෙහි තවදුරටත් සිදුකෙරෙන ආක්‍රමණ සදහා විරෝධය පළ කරමින් සහ ආසියාවේ අවසන් යටත් විජිතය හකුලා ගනු ලෙස ඉල්ලා නොවැම්බර් 29 දින සමාජවාදී තරුණ සංගමය විසින් පලස්තීනයට සහය පලකොට සහයෝගීතා බැනරය අත්සන් කිරීම කොළඹ ටවුන්හෝල් හි දවටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට සිදු කෙරුණි.
2010 සිට වසර ගණනාවක් තිස්සේ සමාජවාදී තරුණ සංගමය ලෙස, නිදහස් පලස්තීනයක් වෙනුවෙන් සටන්කරන පලස්තීන ජනතාව සමගත්,ලොව පුරා ප්රගතිශීලී ,වාමාංශික සංවිධාන හා ජනතාව ගෙනයන සටනටත් දීර්ඝකාලීනව මැදිහත් වී තිබේ. මෙම සංගමය, සහෝදරත්වය, මනුෂ්‍යත්වය හා ආදරය වෙනුවෙන් පෙනීසිටින අතර ලෝකයේ කොතැනක හෝ සිදුවන අයුක්තියට, අසාධාරණයට එරෙහිව මැදිහත් වීම, වාමාංශික දේශපාලන ජීව ගුණය මෙන්ම ජාත්‍යන්තර වගකීම පිළිබඳව හොද අවබෝධයකින් හා විශ්වාසයකින් කටයුතු කිරීම සිදු කරයි.
මේ සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, ජාත්‍යන්තර කටයුුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා ඇතුළු කොළඹ දිස්ත්‍රික් සාමාජික සහෝදරයන් හා විශාල ජනතාවක් සම්බන්ධ විය.