“බෙදෙන්නට ඉඩ නොදෙමු! එක්ව අපි පියාඹමු!” මැයෙන් මෙවර සහෝදරත්වයේ දිනය වෙනුවෙන් වැඩසටහන් රාශියක් සමාජවාදී තරුණ සංගමය ලෙස සංවිධානය කරන ලදී. ජුලි 12 සිට ජුලි 27 දක්වා මාතලේ, වව්නියාව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම හා මහනුවර යන දිස්ත්‍රික්ක වල උද්ඝෝෂණ, පා ගමන්, ගම්මාන වැඩසටහන් අත්පත්‍රිකා බෙදීම් ආදී දැනුවත් කිරීම් සිදු කෙරිණි.
මෙවර සහෝදරත්වයේ දින ප්‍රධාන වැඩසටහන ජුලි 23 විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණි. හයිඩ් පිටියේ සිට පා ගමනින් පැමිණ සංස්කෘතික වැඩසටහනක් පැවැත්වීමට සූදානම් කරන ලදී. පා ගමන ආරම්භ කිරීමට පෙර පොලීසිය විසින් දිගින් දිගටම බාධා කළ අතර පසුව ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයකින් අනතුරුව පා ගමන ආරම්භ කෙරිණි. යළිත් පෙළපාලියට බාධා කරමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය විසින් ජාතික සමගි පා ගමනට ප්‍රහාර එල්ල කරන ලදී. අනතුරුව විහාර මහා දේවි උද්‍යානයේදී සංස්කෘතික වැඩසටහන ආරම්භ කෙරිණි. මෙහිදී ප්‍රධාන දේශනය ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා විසින් පැවැත් වූ අතර මේ සදහා සිවිල් සංවිධාන නියෝජිතයින්, බහු ආගමික නායකයින්, විද්වතුන් හා කලා කරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.