ජාතික භෞතික සැළැස්ම පරිසර ඝාතකයන්ගේ මෙහෙයුමක් ද?

ජාතික භෞතික සැළැස්ම පරිසර ඝාතකයන්ගේ මෙහෙයුමක් ද? යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන එකතුව විසින් පසුගිය ජූලි 26 වන දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. 2011 ආරම්භ කළ ජාතික භෞතික සැළැස්ම ක්‍රියාත්මක කිරීමේදී රටේ වටිනා පරිසර පද්ධති හා ජන ජීවිත විශාල තර්ජනයට ලක් වෙමින් ඇත. ආර්ථිකය නගා සිටුවීම අරමුණු කර ගනිමින් ඇරඹූ මෙම ව්‍යාපෘතිය මගින් රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභයට වඩා බහු ජාතික සමාගම්වලට ලාභ ලැබිය හැකි ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. මෙම සැළසුමේ ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහොත් අවුරුදු මිලියන ගණනකින් නිර්මාණය වූ අපේ පරිසර පද්ධති බොහොමයක් තර්ජනයට ලක්වීමේ ඉඩකඩ ඇති බවත් මෙය ‌දේශපාලකයන්ගේ සාක්කු පිරෙන ව්‍යාපෘතියක් බවත් එම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ විද්වත්හූ පැවසූහ.

මෙම සම්මන්ත්‍රණයේදී පරිසරවේදී රවීන්ද්‍ර ආචාර්ය කාරියවසම්, නීීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, නීීතීඥ චරිත් ගල්හේන යන අය අදහස් දැක්වූහ. රංගන ශිල්පී ජනක රණසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මලින්ද ජීවන්, සමාජ ක්‍රියාකාරී කාංචනා වේවැල්පනා යන සහෝදර ‌සහෝදරියෝ ‌මෙහි මුලසුන හෙබවූහ. මෙහිදී ගාමිණී හත්තෙට්ටුවේගම විවෘත වීදී නාට්‍ය කණ්ඩායම විසින් ගීතමය වැඩසටහන්ද පවත්වනු ලැබීය.