මොන්කාඩා ප්‍රහාරයට වසර 70යි

කියුබානු විප්ලවයේ, අතීත පාඩමි රැසකට පාදක වූ මොන්කාඩා ප්‍රහාරය සිදුව වසර 70ක් පිරීම නිමිත්තෙන් පසුගිය ජූලි 22 දින සම්මන්ත්‍රණයක් කියුබානු මිතුරෝ සංවිධානය විසින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පවත්වනු ලැබීය. එය කියුබානු තානාපති ඇන්ඩ්‍රියස් මාර්සෙලෝ ගොන්සාලෙස් සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් කල්පනා මධුභාෂිනී සහෝදරිය වත්මන් කියුබාවේ තත්වය සමිබන්ධයෙන් අදහස් දක්වා දැක්වූවාය. මෙම අවස්ථාවට තරුණ සංගමයේ ජාතික සංවිධායක චිරංග ගුණසේකර සහෝදරයා හා ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයාද සහභාගි වූහ.