ක‍්‍රීඩාව විනාශ කළ ගජ මිතුරු කල්ලිය පරදවමු!

”ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඇතුළු අනෙකුත් ක‍්‍රීඩාවන්ට සිදු කෙරෙන දේශපාලන බලහත්කාරය නවතනු!” මැයෙන් පෙත්සමක් සහ විරෝධතා බැනරය අත්සන් කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 28 දින කොටුව දුම්පරියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. මෙය Save the Sports මගින් සංවිධානය කර තිබුණි.
මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ හා ජාතික සවිබර එසවීමේ ක‍්‍රීඩක ඩ‍්‍රැවී නුලේෂ්‍යා අදහස් දැක්විය.
එහිදී එරංග ගුණසේකර සහෝදරයා විසින් මෙලෙස අදහස් දැක්විය.
”අද අපි Save the Sports සංවිධානයත් එක්ක අපේ රටේ ක‍්‍රීඩාවට ආදරේ කරන තරුණයෝ ඇතුළු තරුණයන් එක්ක පාරට බැහැලා ක‍්‍රීඩාව දේශපාලන බලපෑම්වලින් මුදා ගන්නත්, අනිත් පැත්තෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ගජමිතුරු කල්ලියක් විසින් ක‍්‍රිකට් පාලක මණ්ඩලය අත්පත් කරගෙන සිටීමට එරෙහිවත් තමයි මෙම වැඩසටහන සංවිධානය කළේ. ඔබ දන්නවා අද අපේ රට අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත් වෙලා තියනවා. ඒ අපේ රටේ මිනිස්සු හින්දවත් ක‍්‍රීඩකයෝ හින්දවත්, ස්වභාවික ආපු ආපදාවක්වත් නිසා නෙවෙයි. අවුරුදු හැත්තෑ පහක් තිස්සේ අපේ රටේ පාලකයෝ කරපු විනාශය තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපි රටක් විදියට අරාජික රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාවට, රග්බි ක‍්‍රීඩාවට මේ ඛේදවාචකය අත්වෙලා තියෙන්නේ.
රටට ජයග‍්‍රහණයක් නැති වෙලාවක ක‍්‍රීඩාවෙන් තමයි යම් හෝ ජයග‍්‍රහණයක් මිනිසුන්ට ලැබෙන්නේ. හැබැයි එහෙම තියෙද්දි තමයි එහි ඇති මුදල් ටිකට, ගජමිතුරු කල්ලියක් විසින් ගේම දෙන්න පටන් අරගෙන තියෙන්නෙ. විගණකාධිපති වාර්තාවේ සටහන් වෙනවා, ටී ටුවෙන්ටි තරගාවලියේදී මිලියන 60ක මුල්‍ය වංචාවක් සිදුවෙලා කියලා. දැන් සමාජය තුළ, පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරන්න පටන් අරන් තියනවා, මේක ඇතුලේ ඉන්න ගජ මිතුරු කල්ලිය, මජර විදියට එහි මුදල් වෙන් කරගෙන තියනවා, හැබැයි ටි ටුවෙන්ටි තරගයේ විතරක්, රුපියල් මිලියන 60ක් කාබාසිනියා කරද්දි, මේ මෑත කාලේදී රිටි පැනීමේ ක‍්‍රීඩිකාව තමන්ගේ ක‍්‍රීඩා කටයුතු කරගන්න බැරිව ගෘහ සේවය සඳහා අපේ රටින් පිටට යනවා. එතනට තමයි අපේ ක‍්‍රීඩාව ඇවිත් තියෙන්නේ.
අපි බලධාරින්ට කියනවා, ක‍්‍රීඩාවට කරන දේශපාලන බලපෑමත්, ක‍්‍රීඩා මණ්ඩල මගින් ගජමිතුරු කණ්ඩායමත් පවත්වාගෙන යෑම වහා නතර කරන්න ඕනෑ. වර්තමාන ඇමැතිවරයා මාධ්‍ය ඉස්සරහට ඇවිත් මාර වැඬේ මම කියන එක අහන්නෙ නෑ, මටත් වඩා ලොකු පොරවල් වෙන්න ඇති ඉන්නේ ඉන්නේ කියලා කියනවා. එයා ඇමතිවරයා නම් ක‍්‍රීඩාවට, අපේ රටේ ජනතාවට, මුදල්වලට වග කියන්න ඕනේ. එහෙම නැතුව මීඩියා ඉස්සරහ ඇවිත්, තමන්ගේ බැරිකම් කියන්න හදන්න එපා. මේ ඒ පාලකයන්ට රටක් ගොඩනගන්න බැහැ වගේම, මේ ක‍්‍රීඩාව ආරක්ෂා කරන්න බැහැ. ක‍්‍රීඩාව වැඩිදියුණු කරන්න බැහැ. ක‍්‍රිකට් ක‍්‍රීඩාව විතරක් නෙවෙයි පාපන්දු සම්මේලනය දූෂණ වංචා නිසා තහනම් කරලා තියනවා. ඔවුන්ට ජාත්‍යන්තර තරගවලට සම්බන්ධ වෙන්න බැහැ, ඒ වගේම කබඩිවල තියන දුෂණ වංචා නිසා කබඩි ජාත්‍යන්තර මැච් ගහන්න අපිට බැහැ. ඒ වගේම තමා රග්බි ක‍්‍රීඩාවට වෙලා තියෙන්නෙත්. ඒ නිසා අපි තරුණ තරුණයින්ට කියනවා නිකම් බලාඉන්නේ නැතුව හඩ අවදි කරන්න කියලා. ක‍්‍රීඩාවට බලපැම් කරන මෙි දේශපාලන කණ්ඩායම්, ගජමිතුරු කල්ලිය වහාම පලවා හැරලා මෙ ආයතන ස්වාධීන කරන්න කියන බලපැම කරන්න කියලා.”