සමාජවාදී තරුණ සංගමය සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්ෂෙලෝ ගොන්සාලේස් මහතා අතර හමුවක් සැප්තැම්බර් 19 එනම් අද දින කියුබානු තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි.
මෙහිදී එළඹෙන ඔක්තෝබර් 8 දිනට යෙදී තිබෙන චේ දිනය පිළිබදව කතාබහ කර ගැනීමත්, චේ දිනය සඳහා ඔහුට ආරාධනා කිරීමත් සාකච්චාව තුල සිදුවූ අතර ඊට අමතරව පසුගියදා කියුබාවේ දී පැවැති G 77 + chaina සමුළුව පිළිබදවත්, වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබදවත් හා අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදවත් සාකච්චා කෙරුණි.
මේ අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සම්බන්ධ විය.