කොන්ඩෙත් කපාගෙන ඔලුවත් හදාගෙන එන්න පුලුවන් සැලූන් එකක්,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ මිල්ලන්ගොඩ SYU YOUTH CLUB සහෝදර සහෝදරියන් විසින් කියවීමේ මාසය වෙනුවෙන් සැප්තැම්බර් 19 වන දින එනම් අද දින සැලෝන් එකක් සමග පුස්තකාලයක් ආරම්භ කරන ලදී.

මේ සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා විසින් සුභ පැතුම් එක් කළ අතර මුහුණු ‌ පොතෙහි මෙසේ සනිටුහන් කරන ලදී.

“මේ සැප්තැම්බර් මාසය ! තව විදියකට කියනව නම් සාහිත්‍ය මාසය. මේ මාසෙට විතරක් පොත් ගැන කතා කරනවා නම් නෙවෙයි . නමුත් මේ මාසේ විශේෂයෙන් පොත් ගැන වගේම කියවීම පිළිබද සංවාද හැදෙන කාලයක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ මිල්ලන්ගොඩ SYU YOUTH CLUB සහෝදර සහෝදරියන් එකතු වෙලා අපූරු වැඩක් කරලා. සැලෝන් එකක් පුස්තකාලයක් කරලා. එතකොට සැලෝන් එක නැද්ද ? සැලෝන් එකත් තියෙනවා පුස්තකාලයකුත් ඒකේ ඇතුලේ තියෙනවා.

සමන් අයියට තමයි මේ පුස්තකාල සැලූන් එක අයිති. හැබැයි මේකේ තියෙන පොත් කියවන්න, අරගෙන යන්න තව පොත් එකතු කරන්න ඔයාලා හැමෝටම අයිතියක් තියෙනවා. කෙනෙක්ට ඕන නම් පුලුවන් තව කෙනෙක්ගේ කොන්ඩෙ කපන වෙලාවේ ඔලුව හදා ගන්න පොතක් බලලා. තව කෙනෙක්ට ඕන නම් පුලුවන් කොන්ඩෙ කපාගත්තට පස්සේ ටික වෙලාවක් ඉදලා ඔලුවත් ටිකක් හදා ගෙන එන්න. ඒ කොහොම වුනත් මේ වගේ වැඩක් කරපු එක ගැන සතුටුයි වගේම, මේ වැඩේ ඉදිරියට සැලසුම් සහගතව අරගෙන යන්නත් පුලුවන් වෙන්න ඕන”

.