සමාජවාදී තරුණ සංගමයේ දෙහිවල සහ රත්මලාන ආසනයන් හි සහෝදර සහෝදරියන් හා ප්රදේශවාසීන් එක්ව සැප්තැම්බර් 17 දින එනම් අද දින ගල්කිස්ස මුහුදු වෙරළ පවිත්ර කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. පසුගිය සැප් 16 දින යෙදී තිබූ අන්තර්ජාතික වෙරළ පවිත්රතා දිනය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
මේ වැඩසටහන සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික අංජන අමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ දෙහිවල ආසන සංවිධායක තරිඳු ගෝනලගොඩ සහෝදරයා, හිටපු නාඟරික මන්ත්රීනී සමන්මලී ගුණසිංහ සහෝදරිය ඇතුළු මීපා ආයතනයේ නිළධාරීන් පිරිසක්ද සම්බන්ධ විය