නිරායුධ ඊශ්‍රායල් හා පලස්තීන ජනතාව ඝාතනය කිරීම හෙලා දකිමු!

නිරායුධ ඊශ්‍රායල් හා පලස්තීන ජනතාව ඝාතනය කිරීම හෙලා දකිමු! , නිදහස් පලස්තීනයක් හා ඊශ්‍රයලයක් වෙනුවෙන් UN යෝජනාව වූ ද්වි- රාජ්‍ය විසදුම බලාත්මක කරනු ! යන මෑයෙන් අද දින එනම් ඔක් 18 දින Friends of Palestine, Sri Lanka Journalists for Global Justice සහ SYU සංවිධාන එක්ව පලස්තීන තානාපති කාර්යාලයේ සිට එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලට දක්වා සාමකාමී පා ගමනක් සංවිධානය කොට තිබූ අතර එම පා ගමනට ආරම්භයේ සිටම පොලිස් බාධා කිරිම් සිදුවුණි. කෙසේ නමුත් අවසානයේ පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය අසලට ගොස් විරෝධතාවය ද සිදු කෙරුණි.

මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා විසින් පවසා සිටියේ “මෙහිදී නිරායුධ අහිංසක,ඊශ්‍රායල් ජනතාවට ප්‍රහාරයක් එල්ල වුණා. මෙම ප්‍රහාරයක් ඉතාමත් පිළිකුල් සහගත ලෙස අපි හෙළා දකිනවා.  ඒ වගේම එක පදනම් කරගෙන ඇමරිකන් අවශ්‍යතාවයත් , ඒ වගේම ඊශ්‍රායල් පාලකයොත් මැදිහත් වෙලා මේ මොහොත වෙද්දි පලස්තීන ජනතාව අහිංසක දරුවන්ට , කාන්තාවන්ට, මිලේච්ඡ ප්‍රහාරයක් සිදුකරමින් ඉන්නවා .  ඒ පිළිබඳව අපිට පිළිකුල් සහගත විවේචනයක් අපිට තියෙනවා. ඇමරිකන්  අධිරාජ්‍යවාදයත් වගේම ඊශ්‍රායල් පාලකයෝ සම්බන්ධව.

ඔබ දන්නවා මේක අද ඊයේ වෙච්ච ගැටුමක් නෙමේ. මේක මීට වසර ගණනාවකට  පෙර යුදෙව් ජනතාවත් පලස්තීන ජනතාවත් ඒකට එක රටක් ඇතුලේ හිටියා. හැබැයි අපේ රට පාලනය කළා වගේම බ්‍රිතාන්‍ය අපේ රට පාලනය කළේ බෙදලා වෙන්කරලා. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදලා වෙන්කරලා. මේ වගේම බ්‍රිතාන්‍යයට ඕන වුණා තමන්ගෙ අධිරාජ්‍යවාදී සැලසුමට අනුව ඒ තිබුණු නිදහස් පලස්තීනයත් බෙදල  වෙන් කරල පාලනය කරේ. ඒ වෙනුවෙන් තමයි වසර ගණනාවකට පෙර විශේෂයෙන්ම යුදෙව් ජනතාව පලස්තීනය වෙත පදිංචි කරන්න පටන් ගත්තා. අපි දන්නවා යුදෙව් ජනතාව කියන්නේ ඓතිහාසිකව ගත්තොත් එහෙම පීඩනයට පත් වෙච්ච,  අපහසුතාවයට පත් වෙච්ච, පීඩිත ජනතාවක්. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ ලෝකය පුරා බල ව්‍යාප්තිය වෙනුවෙන් මැදිහත් වෙන ඇමරිකන් අධිරාජ්‍යවාදයටත් මේ පලස්තීන භූමිය ඕන වුණා ඒ මැදපෙරදිග කලාපය ඇතුලේ තමන්ගේ දේශපාලන ස්ථාවරය හදා ගැනීම වෙනුවෙන් ඊශ්‍රාලයක් නිර්මානය කරන්න.  ඒ නිස වසරකට ගත්තොතින් මේ වෙද්දි ඇමරිකන් ඩොලර් බිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ඇමරිකන් ජනතාවගේ මුදල් ඊශ්‍රාලය වෙත දෙනු ලබනවා. ඒ නිසා දැවැන්ත යුධ පෙරමුණක් ලෑස්ති කරල තිබුණා.

ඒක නිසා මේක අද ඊයෙ වෙච්ච එකක් නෙමේ. වසර ගණනාවකට පෙර මෙම ගැටුම දිගින් දිගටම ආවා. ඒ දිගටම ආවට පස්සෙ තමයි අවසානයේ ඇමරිකාවත් ඒ වගේම ඊශ්‍රායලයත් ඒ වගේම පලස්තීනයත් , බටහිර රටවල් සියල්ලම එකතු වෙලා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් සම්මත කරගත්තා 1967 ද්වී රජ්‍ය යෝජනාව සම්මත කර ගත්තා. එය යෝජනාවේ මොකක්ද තියෙන්නේ ඒ එකට තිබුණු පලස්තීනය එක පැත්තකින් නිදහස් පලස්තීනයක් අනිත් පැත්තෙන් නිදහසේ ඊශ්‍රායලයත් පිළිගත්තා, පිළිඅරගෙන ඒකට අනුව වැඩ කරා. හැබැයි ඒකට අනුව දැන් මොකද වෙලා තියෙන්නේ. හැබැයි ඒ යෝජනාවේ දශමයක්වත් ඇමරිකන් අධිරාජ්‍යයත් ඒ වගේම ඊශ්‍රායල් පාලකයොත් ඒ වෙනුවෙන් මොකද කරේ පලස්තීන ජනතාවට දැවැන්ත  පීඩනයක් එල්ල කරා. ගම්මාන පිටින් ඩෝසර් කරා. ගම්මාන අත්පත් කර ගත්තා, මිනිස්සු අත්අඩංගුවට පත් කරගත්ත, මිනිස්සු ඝාතනය කරා. ඒ විතරක් නෙමේ පලස්තීන ජනතාවට තියෙන ජල මූලාශ්‍ර ඒ ගොල්ල වැහුවා. සමහර වතුර බොන්න තියෙන ලිං කොන්ක්‍රීට් දමලා වැහුවා. පලතුරු ගස් රෝස වලින් ගලෝල දැම්මා.එවැනි දැවැන්ත මිලේච්ඡ මැදිහත්වීමක් ඇමරිකාව සහ ඊශ්‍රාලය පාලකයෝ කරා. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි දැන් අපිට මේ භුක්ති විඳිමින් තියෙන්නේ. 

ඒ නිසා මේ ගැටුම කියලා කියන්නේ පලස්තීන ජනතාවත් යුදෙව් ජනතාව ත් අතර ගැටුමක් නෙමෙයි. ඒ ඇමරිකන් අධිරාජ්‍යවාදී දේශපාලන උවමනාව තමයි මේක ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපි ඉල්ලන්නේ වෙන මොකවත් නෙමෙයි අපි කියන්නේ ඉතාමත් කුඩා රාජ්‍යයක්. එක පැත්තකින් මේක සාධාරණ සටනක් , මේක UN එකේ එකඟතාවය මත ආපු එකක් . නිදහස් ඊශ්‍රාලයත්, නිදහස් පලස්තීනයත් . හැබැයි දැන් නිදහස් පලස්තීනය  ලෝකයේ රටවල් 175 කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිගන්නවා. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයත් , ඊශ්‍රාලයත්, යුරෝපයේ සමහර රටවලුත් මේක පිළිගන්නෙ නෑ. මේ වෙනුවෙන් පලස්තීනය  විනාශ කර ගැනීමේ වෙච්ච දේශපාලන ක්‍රියාමාර්ග අරගෙන යනවා.

ඉතින් ඒක නිසා අපි කියන්නේ ලෝක සාමය වෙනුවෙනුත් ඒ වගේම පලස්තීන ජනතාව වෙනුවෙනුත්  ඔවුන්ගේ නිදහස් පලස්තීනය පිළිගන්න ඕන. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන එක ගැන. ඒ වගේම අපි මේ ලෝක පුරා වෙන සාධාරණ අරගල වලට අපි මැදිහත් වෙනවා. ඇමරිකන් අධිරාජ්‍ය වෙනුවෙන් අද ඊශ්‍රායල් ජනතාවට වන්දි ගෙවන්න සිදුවී තියෙනව. ඒ වගේම පලස්තීන ජනතාවට අද විනාශය අත් පත්වෙලා තියනවා. ඊයෙ වෙද්දී පලස්තීනයේ තියෙන  රෝහලකට ප්‍රහාර එල්ල කරල ළමයි ඇතුළු පන්සියයකට වැඩි ප්‍රමාණයක් අමු අමුවේ ඝාතනය කරනවා. ඒ නිසා අපි කියනවා වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔබේ මැදිහත්වීම කරන්න. 1967 ද්වී යෝජනා පනත මේ වන තුරු ක්‍රියාත්මක නොකළාට එක්සත් ජාතීන්ගේ සංවිධානත් ඒ වගේම ඇමරිකන් අධිරාජ්‍යවාදයත් මේකට වගකියන්න ඔනා. ඒ නිසා ලෝක සාමය වෙනුවෙන් අපේ ලෝක ප්‍රගතිශීලී ජනතාව සමඟ ඒකාබද්ධව වහාම මේ සටන නතර කරන්න. නිදහස් ඊශ්‍රාලයත් නිදහස් පලස්තීනයත් පිළිගන්න. වහාම ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියල කියන බලපෑම තමයි අපි අද මේ කරමින් ඉන්නෙ” 

මෙම විරෝධය සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අන්ජන සම්පත් අමරසිංහ සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ  ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයත් මෙහිදී අදහස් පළ කර සිටියහ.  මෙම විරෝධය සඳහා සමාජවාදී  තරුණ සංගමයේ තරුණ තරුණියන් රැසක් සහභාගි විය.