නොවැම්බර් 29 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය පදනම් කොටගෙන පලස්තීනයට යුක්තිය, දක්ෂිණ ගෝලීය ප්‍රතිචාරය යන තේමාව යටතේ සහයෝගීතා වැඩසටහනක් හා සම්මන්ත්‍රණයක් නොවැම්බර් 30 වන දින කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.
මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස BDS MOVEMNT හි දකුණු ආසියානු කලාපයේ සම්බන්ධීකාරක අපූර්වා ගෞතම් මහත්මිය ද එක්වුණි. එමෙන්ම පලස්තීන තානාපති සුහයිර් මොහොමඩ් මහතා, පලස්තීන සහයෝගීතා කමිටුවේ වෙනුවෙන් එහි සභාපති බිමල් රත්නායක සහෝදරයා, ඇතුළු විදෙස් තානාපතිවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ද සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා, ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ හිටපු උප සභාපතිනී මදූ කල්පනා මධුභාෂීනි සහෝදරිය ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ පිරිසක් ද සභභාගී විය.