දිිිගු කාලයක් තිස්සේ විවිධ සංවිධාන පුද්ගලයන් සහ මස් කර්මාන්තය කිරි කර්මාන්තය, බිත්තර කර්මාන්තයේ යෙදෙන ගොවියන් සහ සමාගම් සමඟ සාකච්ඡා කර කෙටුම්පත් කරන ලද, 2022 පෙබරවාරි මාසයේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද, එහෙත් තවමත් පාර්ලිමේන්තුවේ සම්මත නොවූ සත්ව සුභසාධන පනත පිළිබඳ සාකච්ඡාවක් එය සම්මත කර ගැනීමට මූලික වී සිටින පාර්ශවය සහ සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන එකමුතුව අතර සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාද, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා ද, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයන් වන මලින්ද ජීවන් සහෝදරයා සහ මෙත්ශාන් සමරවීර සහෝදරයාද සම්බන්ධ වූ අතර පනත සම්මත කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන, මානුශික ක්‍රම මගින් සත්ත්ව ගහන කළමණාකරණය කිරීම සදහා වූ පශුවෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා, බව් බව් සත්ව සුබසාධන සංවිධානයේ අධ්‍යක්ෂක ගිහාන් දිනුෂ්ක සහෝදරයා සහ පරිසර ක්‍රියාකාරී අරවින්ද ෆර්නෑනඩු සහෝදරයා සම්බන්ධ විය.