බදුලු පුරය හඬවන නාය යෑම්….!

බොහෝ කලක් සිට බදුල්ල දිස්ත්‍රකයේ සිදුවන නාය යෑම් නිසා විපතට පත්ව සිටින ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව සොයා බැලීමට දෙසැම්බර් 25 වන දින එනම් අද දින  සමාජවාදී තරුණ සංගමය බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණියහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශයේ සහ හපුතලයේ ආසනේ කැලි පනාවෙල ගමේ මීට දවස් 13කට පෙර සිදුවූ නාය යෑම් හේතුවෙන් පවුල් අසූවක් විතර අවතැන් වී සිටි. මොවුන් කිසිම හව්හරණක් නොමැතිව කන්ද පහළ පිහිටා ඇති පිට්ටනියක ටකරන් නිවාස සාදාගෙන ජීවත් වන අතර මොවුන්ට නිවසක්, ඉඩමක් නැහැ. අවම පහසුකම් පවා නොමැති අතර ඉතාමත් අසරණ වූ ජීවිතයක් ගත කරමින් සිටිනවා. බොහෝ කාලයක් තිස්සේ සිදුවන මේ නාය යෑම ක්‍රියාවලිය හේතුවෙන් ඊට මුහුණ දෙන මිනිස්සු කඳුවුරුවල ජීවත් වන අතර ඔවුන්ට ඔවුන්ගේ පැරණි ජීවිතය උදුරාගෙන තියෙනවා.

සමාජවාදී තරුණ සංගමය ලෙස අපට ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් වේද, හැකි සෑම විටකම ඒ වෙනුවෙන් මැදිහත්  වීම සිදු කරන බව පසක් කර සිටියහ.

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමය ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ  ජාතික කමිටු සාමාජික බන්දුල පුෂ්පකුමාර සහෝදරයා සහභාගී වූහ.