ක්‍රීඩා හා තාරූණ්‍යය ප්‍රවර්ධනය සදහා අග්‍රාමාත්‍යතුමිය මූලිකත්වය ගනී,

මෙරට අභිනව‍‍යෙන් තේරී පත් වූ අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය සහෝදරියගේ මූලිකත්වයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ ක්‍රීඩා හා තාරූණ්‍යය ප්‍රවර්ධනය සදහා මූලික සාකච්චාවක් අද දින එනම් සැප් 27 දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුනි‍.

මෙහිදි පසුගිය වර්ෂයන්ට අදාලව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ක්‍රීඩාව සහ තාරූණ්‍යය ගොඩනැංවීමෙහි ලා සිදු කල ක්‍රියාවලීන් හා ඊට අදාල වියදම් පිළිබදව සහ, ක්‍රීඩා හා තාරූණ්‍යය ප්‍රවර්ධනය වෙනුවෙන් මේ වන විට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය ඉදිරියේ දී ගනු ලැබීමට නියමිත ඇති සැලසුම් පිළිබදව ද සාකච්චා කරන ලදී.

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ ජාතික කමිටු සාමාජිකයින් වන මහේෂ් අඹේපිටිය සහෝදරයා සහ අංජන අමරසිංහ සහෝදරයා ද සම්බන්ධ විය.