ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වඩාත් පුළුල් කිරිමේ අරමුණින් ඉන්දියානු රජයේ ආරාධනයකට අනූව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ඒ් සදහා විවිධ පක්ෂ නියෝජනය කරමින් තරුණ දේශපාලන නායකයින් පිරිසක් පසුගිය ජූලි 13 වන දින ඉන්දියාව බලා පිටත්විය. ශ්‍රීලංකාවේ තරුණ දේශපාලකයන්ගේ ඉන්දියානු සංචාරය ජුලි 13 – 26 දක්වා ඉන්දියාවේ නව දිල්ලි නුවර, පට්නා, බැංගලෝර් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත් වීමට කටයුතු සූදානම් කොට තිබුණි. මෙම වැඩසටහන සඳහා සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් එහි ජාතික කමිටු සාමාජික මෙත්ශාන් සමරවීර සහෝදරයා සහ දුමින්ද අමරසිංහ සහෝදරයා සහභාගී වූ අතර සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් ශෂිප්‍රභා ජයකොඩි සහෝදරියත්, කම්කරු සංගමය නියෝජනය කරමින් චලිත් අමරදිවාකර, දිනේශ් වික්‍රමරත්න, සදුනි දිලික්ෂි, අනූෂා දිල්රුක්ෂි යන සහෝදර සහෝදරියන්ද සහභාගී