ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ” පැළ බෙදා දීමේ වැඩසටහනක් ” පෙබරවාරි 26 වන දින එනම් අද දින මීගමුව බස් නැවතුම්පල අසලදී සිදු කෙරිණි.
මෙම වැඩසටහන සමාජවාදී තරුණ සංගමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනයේ සහෝදර සහෝදරියන් විසින් සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහෝදරයා සහ කම්කරු අමාත්‍යාංශයේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහෝදරයා සහභාගී විය.