මෙවර ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇති අය වැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සමාජවාදී තරුණ සංගමය අද ( 20 ) මාධ්‍ය හමුවක් කැඳවනු ලැබීය.
මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය සහෝදරයා ප්‍රකාශ කර සිටියේ, මෙම අයවැය පුරවැසි අයවැයක් ලෙස තම සංවිධානය දකින වගත්, ඒ තුළ තාරුණ්‍යය ගොඩනැගීම වෙනුවෙන් වෙන් කර ඇති වැය ශීර්ෂයන් තුළ තාරුණ්‍යය ගොඩ නැගීමේ ඉලක්ක කරා ආණ්ඩුවට යා හැකි වගත්ය.
ක්‍රීඩාව සම්බන්ධයෙන් ද පසුගිය රජයන් වෙන් කරන ලද මුදල් වලට වඩා වැඩි මුදලක් මෙවර අයවැයෙ හි වෙන් කොට ඇති වගත්, ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් සකසා ඇති සැලසුම් සහ වෙන් කොට ඇති මුදල් අතර අරමුණු සහගත විනිවිද ක්‍රියාවලියක් දැකිය හැකි වගත් මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා ප්‍රකාශ කර සිටියේ ය.