මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බලකරමින් සයිටම් විරෝධී ජන පවුර මඟින් සංවිධානය කර තිබූ ජාතික විරෝධතා දිනය (අගෝ.02) වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී “සටන් කරන උන් වෙනුවෙන් අරගලයට ගැයෙන ගී” මැයෙන් විරෝධතා වැඩසටහනක් පැවැත්වීය. එහිදි අත්පත්‍රිකා ඛෙදාදීමක්, විරෝධතා ගී ප්‍රසංගයක් හා විරෝධතා වැකි පළ කළ බැලූම් ගුවනට මුසුකිරීක් ද සිදුවිය. ඒ් සඳහා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයාත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සහෝදරයාත් සහභාගී වූහ.





