අම්පාර පොල්ලෙබැද්ද ප්‍රෙද්ශයේ අක්කර 5426 ක වන විනාශයක්

අම්පාර පොල්ලෙබැද්ද ප්රෙදද්ශයේ අක්කර 5426 ක වන විනාශයක් මේ වන විට සිදුවෙමින් පවතී. වත්මන් ආණ්ඩුව විසින් සමාගම් ගණනාවකට එම ඉඩම් ලබාදී ඇත. එහි ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හා හේන් ගොවිතැන් කළ ගොවීන්ට අයත් ඉඩම්ය. එම සමාගම් විසින් ඉඩම් ඩෝසර් කරමින් විශාල වන සංහාරයක් මේ වන විට සිදු කරමින් සිටී. ඒ පිළිබඳ සොයාබැලීම සඳහා සමාජවාදී තරුණ සංගමයේ සාමාජික පිරිසක් ඊයේ (දෙසැම්බර් 15) එම ප්රෙදද්ශය වෙත ගියහ. එම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික, මහේෂ් අඹේපිටිය හා සම්පත් චාමික සහෝදරයන් හා බින්තැන්න පත්තුව සුරැකීමේ සංවිධානයේ ලේකම් සරත් කුමාර මහතා ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් කිහිපදෙනෙක් සහභාගි වූහ.