සමාජවාදී තරැණ සංගමය විසින් සංවිධානය කල කුරුණෑගල නගරයේ තිබූ රජපිහිල්ල උද්‍යානය විනාශ කිරීමට එරෙහි උද්ඝෝෂණය පසුගිය 6 වැනිදා (ජනවාරි) දින කුරුණෑගල නගරයේදී පවත්වන ලදී. එම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නාමල් කරුණාරත්න, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සංජය විශ්වනාත්, කුරුණෑගල මහ නගර සභාවේ නාගරීක මන්ත්‍රී රනුක ධනංජය, සමාජවාදී තරුණ සංගමයේ නිලන්ත බණ්ඩාර ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වූහ.