දිවයින පුරා ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලු පිළිබදව හා තරුණ සංගමයේ දුරකථන අංක භාවිතා කරමින් ව්‍යාජ පෝස්ට් නිර්මාණයට එරෙහිව පැමිණිල්ලක් සමාජවාදී තරුණ සංගමය විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත අද (21) දින භාර දෙන ලදි. ගෑස් මිල එකවර විශාල මුදලකින් ඉහළ යාම, ගෑස් ප්‍රමාණවත් පරිදි වෙළදපලෙහි නොමැතිවීම මෙන්ම වෙළදපළෙහි පවතින ගෑස්වල ප්‍රමිතිය අඩු වීම හේතුවෙන් සිදුවන ගිනි ගැනීම්, පිපිරීම්, මේ අතරින් ප්රමුඛතමක වේ. මෙම අර්ධකාරී තත්ත්වය නිර්ජ්ජිත ලෙස උපයෝගී කරගනිමින් එක්තරා දේශපාලන පක්ෂයක කණ්ඩායමක් විසින් අප තරුණ සංගමයේ කි‍්‍රයාකාරී සහෝදරවරු පිරිසකගේ දුරකථන අංක යොදාගනිමින් ව්‍යාජ පෝස්ටුවක් නිර්ණය කර ඛෙදාහැරීමට එරෙහිව මෙම පැමිණිල්ල බාර දෙන ලදී.
පාරිභෝගිකයන්ගේ ජීවිත සහ දේපල වලට උපද්‍රවයක් සිදු වන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරාක්ෂා කිරීම. අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්වලට නිසි සැළකිල්ල දැක්වීමට සහතික වීම. අසාධාරණ වෙළඳ පිළිවෙත් , සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදු කරන යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම්වලට එරෙහිව සහනයක් ලබා දීම යන වර්ෂ 2008 අංක 03 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ අදාල පියවර ගැනීමට අවශ්‍ය සියලුම බලතල හරහා පියවර ගත යුතු වග පැමිණිල්ල හරහා පාරිභෝගික අධිකාරියය වෙත දැනුම් දෙනලදි. මේ අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා ඇතුලු පිරිසක් සහභාගි වූහ.