එක්ස්ප්රස් පර්ල් නෞකාවේ හානිය පිළිබඳ අමාත්‍යං හා SYU අතර සාකච්ඡාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම නිසා ඇති වූ පාරිසරික හානිය පිළිබදවත්, ධීවර ජනතාවගේ ආර්ථිකයට සිදුව ඇති හානිය පිළිබදවත් ඊට වගකිව යුතු පාර්ශ්‍රවයන්ගේ වගකීම් විරහිත හැසිරීම පිළිබදවත් සාකච්චා කිරීමට වෙරළ සංරක්ශන හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය වෙත 2021.11.19 දින සමාජවාදී තරුණ සංගමය විසින් ලිපියක් බාරදෙන ලදී. එම ඉල්ලීමෙන් පසු  අමාත්‍යංශය මගින් තරුණ සංගමය වෙත සාකච්ඡාව අද දින (දෙසැම්බර් 15) ලබාදෙන ලදී.

එහිදී නෞකාවේ අනතුර සම්බධයෙන් රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්නත්, මේ වන විට තක්සේරු කර ගෙන ඇති හානිය වෙනුවෙන් වන්දි පූර්ණය කරගන්නේ කෙසේද යන්නත්, සිදුව ඇති පරිසරික හානීන් වෙනුවෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්නත්, මේ සිදුවීම නිසා දැනට ආර්ථිකමය ලෙස බරපතල අපහසුතාවයට පත්ව සිටින ධීවර ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත්වීම කුමක්ද යන්නත් එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. එහි එම ගැටලු පිළිබඳ මේ වන විට රැගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කර ඇති අතර ඒපිළිබඳ ලිඛිතව දැනුම් දෙන බව එම නිළධාරීන් පවසා ඇත.

මේ අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාතික කමිටු සාමාජික ශෂී පියුශාන් සහෝදරයා, තරුණ සංගමේ සාමාජිකා ව්‍රායි බල්‍තසාර් සහෝදරිය හා සාමාජික සම්පත් කුමාර සහෝදරයා සහභාගී වූහ. මේ පිළිබදව කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන්, වෙරළ සංරක්ශන හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහදපුර මහත්මිය , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර යන නිළධාරීන් පැමින සිටියහ.