සමාජවාදී තරුණ සංගමය විසින් තම සංවිධානයේ මධ්‍යම පුවත්පත ඔක්තෝබර් 08 දින තිස්සමහාරාමයේ පැවති චේ දිනයේදී එළිදැක්විය. එය forward පුවත්පත ලෙස නම් කළ ඇති අතර ශ්රී් ලාකේය තාරුණ්‍යයට සත්‍ය රැගෙනයාමත් තරුණ ප්‍රශ්න හමුවේ එක්ව සටන් කිරීමත් ඒ සඳහා තරුණයන් පොදි බැදගනිමින් නොනැවති ඉදිරියට යන තරුණ පරම්පරාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම පුවත්පත ඇරඹීමේ අරමුණ බව සඳහන් කරයි. මෙය දැක් වූ අතර “අරගලයේ නොනිමි තරුව“ නමින් ෆිදෙල් සහෝදරයා විසින් චේ ගේ අනුස්මරණ දේශනයේ දී කළ කථාවේ සිංහල පරිවර්තනය ග්රන්ථයක් ලෙස එළිදැක්විය. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර හා එහි ජාතික කමිටු සාමාජික බන්දුල පුෂ්ප කුමාර යන සහෝදරයන් විසින් ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙත මංගල කලාපය පිරිණමන ලදී.