PTA- ATA ත්‍රස්ත පනත් එපා!

රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට ගෙන ඒමට යෝජිත ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ දැනුම්වත් කිරිමේ මාධ්‍ය හමුවක් මාර්තු 26 දින කිරුළපනදී පවත්වනු ලැබිණ. සමාජවාදී තරුණ සංගමය, ප්‍රතිවාද, අරගලයේ නීතිඥයෝ, අලුත් පියාපත් සහ විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

මෙම අවස්ථාව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක  එරංග ගුණසේකර සහෝදරයා ඇතුළු , නීතිඥ ශානිකා සිල්වා, නීතිඥ අමිල සුයාම, නීතිඳ ලක්මාලි  හේමචන්ද්‍ර, නීතිඥ ශානිකා සිල්වා  වෛද මොහොමඩ් නාසික්, ඇතුළු පිරිසක් සහභාගි වූහ.