“කැලෑ කපන උන් හුරතල් කරන, සාමාන්‍ය තරුණියන් බයකරන ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු” මැයෙන් නිහඬ විරෝධයක් සමාජවාදී තරුණ සංගමය වන අප විසින් සංවිධානය කරන ලදී. එය කොළඹ මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී සිදු කළේය. පසුගියදා විද්‍යුත් නාලිකාවක් තුළ සිදුකළ වැඩසටහනකදී සිංහරාජය විනාශ කිරීමට එරෙහිව අදහස් පල කළ බාග්‍යා අබේරත්න තරුණියට ආණ්ඩුව විසින් ගෙන යන අනිසිබලපෑම්, බියවද්දවීම් හා ප්‍රශ්න කිරීම් හේතුවෙන් ඇයට යම් මානසික බලපෑමක් ඇතිකිරීමත්, තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරාදැමීමටත් එරෙහිව මෙම විරෝධතාවය පැවැත්විය. එහිදී මෙම ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව මානවහිමිකම් කාර්යාලයේදී පැමිණිල්ලක්ද ගොනුකරන ලදී.